අද වෙනකොට අන්තර්ජාලයේ බැලුවත් ලoකාවෙ ගුවන් විදුලි සේවාවක බැලුවත් බොහෝ වෙලාවට අහන්න ලැබෙන්නෙ නූතන හරසුන් ඝෝෂාකාරි ගීත. අනික Youtube එකෙ හෝ වෙනත් අන්තර්ජාල අඩවි වල ගීත සෑහෙන ප්‍රමානයක් අන්තර්ගතව තිබුනත් අපිට එක දිගට පැරණි ගීත අසන්නට ලැබෙන්නෙ අඩුවෙන්..ඉතින් මම තීරණය කරා බ්ලොග් අඩවියකින්වත් මෙ අවශ්‍යතාව දශමෙකින්වත් පිරිමහන්න පුලුවන් නම් එක අපෙ තරුණ පරපුරටත්, විශේෂයෙන්ම ස්වර්ණමය ගී යුගයේ කොටස්කරුවන් වු අපගේ වැඩිහිටියන්ටත් ගොඩක් වටින දෙයක් වෙයි කියලා...
එ නිසා මුලින්ම ලාoකික ගීත ලොවේ කිරුලු පැලදු අප ආදරය කරන ශිල්පීන් කිහිප දෙනෙකුගෙ පැරණි ගීත දහයක් අන්තර්ගත කරා.ඔබට පැය බාගයකට මදක් වැඩි කාලයක් අඛන්ඩව සවන් දෙන්න පුලුවන්..අනික වැය වන්නෙ 36MB වගෙ අඩු ඩේටා ප්‍රමානයක්..
ඔබගෙ අදහස් වලට අනුව ඉදිරියෙදි ගීත ලයිස්තුව දිගු කිරීමටත්, ඔබ ආස කරන ගීත එකතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා..
(මේ ගීත මම කලකට පෙර බාගත කරපු සහ ලැබුනු ගීත, එ නිසා මේ ගීතවල සැබැම අය්තිකරුවන්ට,මෙම අඩවිය තුලින් හිත් රිදීමක් හෝ මෙම අඩවියෙ පල නොකර යුතුයි(copyright issue) කියල හිතනවනම් දැනුම් දෙන්න.එ අනුව එම ගීත ඉවත් කර නැවත පලකරනු නොලැබේ..)